යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 537යි.
රුසියාවේ මොස්කව් නගරයට ඉහළින් පියාසර කළ ඩ්‍රෝන යානයක් බිම හෙලූ බව රුසියාව පවසනවා.
මේ වන විට මොස්කව්හි ගුවන් සීමාව වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ නමුත් ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නැති බවද වාර්තා වනවා.
මේ අතර රුසියාව හා යුක්‍රේනයේ ඩොන්බාස් කලාපය අතර අධිවේගී දුම්රිය පද්ධති නිර්මාණය කිරීම සම්බන්ධයෙන් සිතා බලන බව පුටින් පවසා තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් බෙලරුසය සමග එක්ව කටයුතු කළ බවයි ඔහු පවසා ඇත්තේ.