වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීමට පියවර

Share

හත් වැනි චීන – දකුණු ආසියා ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා චීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන චීනයේ දී වියට්නාමයේ උප ජනාධිපති හමුවී තිබෙනවා.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දැනට පවතින හවුල් ව්‍යාපාරවලට අමතරව නව වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්‍ර පිළිබඳව සොයා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිදුකළ ඉල්ලීමට වියට්නාම උප ජනාධිපතිවරයා එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.

වියට්නාමයේ ආයෝජනයෙන් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මගින් වෘත්තිකයන්ට සහ පුහුණු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට රැකියා අවස්ථා උදාවනු ඇති බව අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.

තේ, පොල්, රබර් සහ ධීවර, විකල්ප බලශක්ති සහ පතල් කැණීම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් කෘෂිකර්මාන්තයේ සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවල දී අවධානය යොමු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

දෙරට අතර ගුවන් ගමන් වැඩි කිරීම, සංචාරකයින්ගේ පැමිණීම වර්ධනය වීමට ඉවහල් වන බැවින් බෞද්ධ සිද්ධස්ථාන වෙත සංචාරක පැමිණීම් ප්‍රවර්ධනය කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට වියට්නාමය එකඟ වී තිබෙනවා.

Read more

Local News