වාහන ජාවාරමේ යෙදුණු තිදෙනෙක් අත්අඩංගුවට

Share

කුලී පදනම මත පානදුර ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් වාහනයක් ලබාගෙන ව්‍යාජ ලේඛන සකස් කර අලෙවි කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් ඊයේ (18) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 36 හා 46 යන වයස්වල පසුවන පුද්ගලයන් වන අතර සැකකාරිය වයස අවුරුදු 36 ක් වූ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වල දී විකුණන ලද හා උකස්කරන ලද තවත් කාර් රථ දෙකක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read more

Local News