මරණයකින් අවසන් වූ අධ්‍යාපන චාරිකාව

Share

හබරාදුව පොලිස් වසමේ රූමස්සල කන්ද දෙසට ගමන්කිරීමට ඇති අතුරු මාර්ගයක දී ඊයේ (20) අනතුරක් සිදුව තිබෙනවා.

ඒ අධ්‍යාපන චාරිකාවක් සඳහා පැමිණ සිටි දහම් පාසලක සිසුන් පිරිසක් රැගත් බස් රථයක පිටුපස අසුනේ සිටි සිසුවෙකු ජනේලයෙන් පිටතට හිස දැමීමේ දී විදුලි රැහැන් කණුවක ගැටීමෙනුයි.

අනතුරින් තුවාල ලැබු සිසුවා කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 16 ක් වන උඩුබද්දාව, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News