දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (21) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව ජනාධිපතිවරයා මෙන්ම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන අය ද මෙම සංචාරයට එක්වී ඇති බවයි වාර්තා වන්නේ.



