බඹර ප්‍රහාරයක් අතරතුර ප්‍රපාතයකට ඇද වැටුණු සිසුවෙක් මරුට

Share

නුවරඑළිය පොලිස් වසමේ බඹරකැලේවත්ත ප්‍රදේශයේ කැලෑවක දී බඹර ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයින් සිව් දෙනෙකු ඉන් බේරීමට දිව යාමේ දී එක් අයෙක් ගලකින් පහළට ඇද වැටී තිබෙනවා.

එසේ ඇද වැටී ඇත්තේ පාසල් සිසුවෙක් වන අතර, නුවරඑළිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ඔහු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16 ක් වූ බඹරකැලේවත්ත, නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.

Read more

Local News