මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්මහා දේවාලයන්හි අභ්‍යන්තර පෙරහර ඊයේ (20) නිමාවට පත්වුණා.
ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (21) පැවැත්වීමට නියමිතයි.
අද පස්වරු 07.10ට යෙදෙන සුබ මොහොතිනුයි පෙරහර වීථි සංචාරය කරන්නේ.
අදින් ආරම්භ වන කුඹල් පෙරහර එළඹෙන 25 වනදා දක්වා දින 5ක් වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
ප්‍රථම රන්දෝලි පෙරහර 26 වනදා ආරම්භ වීමට නියමිතයි.
අවසන් රන්දෝලි පෙරහර 30 වනදා වීථි සංචාරය කිරීමටයි නියමිතව ඇත්තේ.



