මීගහවත්ත පොලිස් වසමේ නාරංවල ප්‍රදේශයේ පිහිටි පිරිවෙනක වැඩවාසය කරනු ලබන සාමනේර හිමි නමක් ඊයේ (21) ළිඳකට වැටී මියගොස් තිබෙනවා.
මියගිය සාමනේර හිමි නම වයස අවුරුදු 12 ක් වන නාරංවල ප්‍රදේශයේ සාමනේර හිමිනමක්.
හිමිනම නොමැති වීම නිසා සොයා බැලීමේ දී ළිඳට වැටී ඇති බව දැක ඇති අතර, පසුව හිමිනමව ගොඩට ගෙන ඇත.
උන්වහන්සේ ඒ වනවිටත් අපවත් වී සිට ඇති බවයි පොලීසිය සඳහන් කළේ.