හපුතලේ වෙඩි තැබීමක්

Share

හපුතලේ පොලිස් වසමේ අයිස්පීල්ල ප්‍රදේශයේ ඇති හෝටලයකට පැමිණි පුද්ගලයින් 05 දෙනෙකු විසින් හෝටලයේ හිමිකරුට හා ඔහු සමඟ සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලාගොස් තිබෙනවා.

වෙඩි වැදීමෙන් හෝටලයේ හිමිකරු සමඟ සිටි පුද්ගලයා එම ස්ථානයේම මියගොස් ඇති අතර හෝටල් හිමිකරු බරපතල තුවාල ලබා දියතලාව රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 47 ක අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

Read more

Local News