කල්මුණේ, මඩකලපුව ප්‍රධාන මාර්ගයේ රිය අනතුරකින් තරුණයෙකු මරුට – 7කට තුවාල

Share

අද (20) කල්මුණේ – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මාංකාඩු ප්‍රදේශයේ වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් තරුණයෙකු මියගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

සිද්ධියෙන් වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් සිව් දෙනෙක් සහ ලොරි රථයේ ගමන් ගත් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලබා කලවංචිකුඩි රෝහලට ඇතුළත් කර තිබේ.

පසුව බරපතල තත්ත්වයේ පසු වු වෑන් රථයේ ගමන් ගත් 28 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය සඳහන් කළේ.

Read more

Local News