මීගමුව කොළඹ මාර්ගයේ අනතුරක් – එක් අයෙක් මරුට

Share

මීගමුව කොළඹ මාර්ගයේ හේමාස් හන්දිය අසල දී ලොරි රථයක් අංගනයට හැරවීමේ දී මීගමුව දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් ලොරි රථයේ පිටුපස බඳෙහි ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු සහ පිටුපස ගමන් කළ පිරිමි පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී පිටුපස ගමන් කළ පුද්ගලයෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News