මට්ටක්කුලියේ ඝාතනයක්

Share

මට්ටක්කුලිය පොලිස් වසමේ ජෝජ් පීරිස් මාවතේ ඊයේ (24) ගැටුමක් ඇති බවට මට්ටක්කුලිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් අදාල ස්ථානයට ගොස් පරීක්ෂා කර තිබෙනවා.

එහිදී එම ස්ථානය අසල තුවාල ලබා පුද්ගලයෙකු බිම වැටී සිට ඇති අතර තුවාලකුරු පොලිසිය විසින් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේ දී ඔහු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබනවා.

Read more

Local News