රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා සඳහන් කළේ, රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු 23දා සිට ආරම්භ කරන බවයි.
එමෙන් ම නේවාසික පහසුකම් සහිත සියලු ම සිසුන්ට 22දා සිට නේවාසිකාගාර විවෘත වන අතර එදින පස්වරු 4.00ට පෙර සිසුන් නේවාසිකාගාරවලට වාර්තා කළ යුතු බවත් දැනුම් දෙයි.