වන අලි පහර දීමකින් පුද්ගලයෙක් මරුට

දිග්ගල්පිටිය ප්‍රදේශයේ කුඹුරු යායක දී වන අලියෙකු පහරදීමෙන් ඊයේ (27) පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 44 ක් වූ දිග්ගල්පිටිය, අත්තනකඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා තම කුඹුර වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීමට පැල් රැකීමට පැලට යාමේ දී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

Previous articleදිස්ත්‍රික්ක කිහිපයකට වැසි
Next articleදෙවන පාසල් වාරයේ දෙවන අදියර ඇරඹේ