පුද්ගලයෙක් නිවසක් තුළ පිළිස්සී මරුට

Share

හලාවත පොලිස් වසමේ නිවසක් තුළ පුද්ගලයෙකු පිළිස්සීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (27) සවස් කාලයේ හලාවත පොලිස් වසමේ ඉලිප්පදෙණිය ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු ගිනිගෙන මියගොස් සිටින බවට ලැබුණ දුරකතන පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බව පොලීසිය සඳහන් කරනවා.

මරණකරු වයස අවුරුදු 46 ක් වූ අයෙක් බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වසර 03 කට පමණ පෙර සිට එක්තැන්ව සිට ඇති අතර සහෝදරිය සමඟ නිවසේ පදිංචිව සිට තිබෙනවා.

සහෝදරිය නිවසින් බැහැරව ගොස් ඇති අවස්ථාවක මෙම අනතුර සිදුව ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News