ඉඹුල්ගොඩ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 505 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34 ක් වූ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු සම්බන්ධව සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේ දී සොරකම් රැසක් සම්බන්ධ තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිවේරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.