ජනපති ඩිජිටල් සෞඛ්‍ය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩල මධ්‍යස්ථානය විවෘත කිරීමට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙයි

Share

ඩිජිටල් සෞඛ්‍ය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩල මධ්‍යස්ථානය ඊයේ (20) පෙරවරුවේ ලන්ඩන් නුවරදී විවෘත කෙරුණු අතර එම අවස්ථාවේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක්විය.

2013 වසරේ ශ‍්‍රී ලංකාවේ පැවති 23 වන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේදී මෙම මධ්‍යස්ථානය පිහිටුවීම පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වජිර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව 2017 මැයි මාසයේදී පොදුරාජ්‍ය මණ්ඩල සෞඛ්‍ය ඇමතිවරුන් විසින් එක්ව සම්මත කර ගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ පොදුරාජ්‍ය මණ්ඩල ප‍්‍රතිපත්ති රාමුවට එය ඇතුළත් කරන ලදී.

ඩිජිටල් සෞඛ්‍ය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩල මධ්‍යස්ථානයේ සභාපතිවරයා වශයෙන් ඊට නායකත්වය ලබා දෙන්නේ ද මහාචාර්ය වජිර දිසානායක මහතායි.

Read more

Local News