දෙහිවල පොලිස් වසමේ ඕබන් පෙදෙස ක්‍රීඩා පිටිය අසල දී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආධාර අනුබල දීම සිදුකල සැකකරුවෙකු ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කළ සැකකරු බවට අනාවරණය වී ඇති අතර එම ත්‍රීරෝද රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.