එක් අයෙක්ට මරු කැඳවූ යතුරුපැදි අනතුර

මිද්දෙණිය පොලිස් වසමේ ගල්වාඩිය පාසල අසල දී ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී ඊයේ (30) අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු බරපතල තුවාල ලබා කටුවන රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැදිකරු මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 32 ක් වූ පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

Previous articleඅද කාලගුණ නිවේදනය
Next articleතවත් මනුෂ්‍ය ඝාතනයක්