හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

ගල්කිස්ස දුම්රියපොළ අසල දී ඊයේ (30) සිදුකල වැටලීමක් අතරතුර හෙරොයින් ග්‍රෑම් 10ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23ක් වූ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Previous articleතවත් මනුෂ්‍ය ඝාතනයක්
Next articleදිය නෑමට ගිය පුද්ගලයෙක් අතුරුදන්