ශ්‍රි ලංකා ගුවන් හමුදා අංක 02 ප්‍රවාහන බලඝණය 66 වන සංවත්සරය සමරයි

මව්බිමට සිය අභිමානවත් සේවාවක් ඉටුකරනු ලබන C-130 හර්කියුලිස් ගුවන් යානා හා AN 32 (ඇන්ටනෝව්32 ) ප්‍රවාහන ගුවන් යානාවලින් සමන්විත ශ්‍රි ලංකා ගුවන් හමුදා “Heavy Lifters”, අංක 2 ප්‍රවාහන බලඝණය සිය 66 වන සංවත්සරය අද (01) අභිමානවත් අයුරින් සමරනු ලබනවා.

වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ අණදෙන නිළධාරියකු ලෙස මෙන්ම ගුවන් නියමුකු ලෙස කටයුතු කරනු ලැබු මෙම බලඝණය දේශයේ සුරක්ෂිතභාවය ආරක්ෂා කිරිම සදහා සක්‍රිය දායකත්වය ලබා දි තිබෙනවා.

1957 සැප්තැම්බර් 01 දින ප්‍රවාහන සහ මුර සංචාර කටයුතු සිදු කරමින් මෙම බලඝණය කටුනායක ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත කරනු ලැබු අතර Oxford Airspeed, Prestwick Pioneer, De-Havilland Dove ගුවන් යානා සහ රාජකීය ලංකා ගුවන් හමුදාවේ පළමු හෙලිකොප්ටරය වූ S-51 Dragonfly හෙලිකොප්ටරය මෙම බලඝණයට අනියුක්ත කර තිබෙනවා.

1959 සැප්තැම්බර් මාසයේ දී De-Havilland Heron ගුවන් යානා දෙකක් එංගලන්තයෙන් මිල දී ගැනිමත් සමග මෙහෙයුම් හැකියාව වැඩි දියුණු කිරීමට මෙම බලඝණයට හැකි වු අතර Heron ගුවන් යානා පැමිණීමත් සමග නැගෙනහිරින් ඉන්දුනීසියාව සහ බටහිරින් කයිරෝ දක්වා විහිදුණු රාජකීය ලංකා ගුවන් හමුදාවේ ජාත්‍යාන්තර මෙහෙයුම් සඳහා සක්‍රිය දායකත්වය ලබා දීම විශේෂත්වයක්.

Previous articleවැඩිවෙන ඉන්ධන මිල ගණන් මෙන්න
Next articleතීරු බදු රහිතව මෙරටට ගෙන්වූ ජීප් රථ 02ක් පොලිස් භාරයට