තීරු බදු රහිතව මෙරටට ගෙන්වූ ජීප් රථ 02ක් පොලිස් භාරයට

කහතුඩුව පොලිස් වසමේ රිලාවල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමක් අතරතුර තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද ජීප් රථ 02ක් ඊයේ (31) පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එක් ජීප් රථයක් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ලියාපදිංචි කර ඇති අතර අනෙක් ජීප් රථය කොටස් වශයෙන් මෙරටට ගෙන්වා කොටස් එකලස් කර සකසන ලද මෙතෙක් ලියාපදිංචි කර නොමැති ජීප් රථයක් බවයි වාර්තා වන්නේ.

ජීප් රථ වැඩිදුර වීමර්ශන සඳහා කහතුඩුව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති අතර ජීප් රථ මෙරටට ගෙන්වන ලද සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Previous articleශ්‍රි ලංකා ගුවන් හමුදා අංක 02 ප්‍රවාහන බලඝණය 66 වන සංවත්සරය සමරයි
Next articleදේපල සොරකමකට සම්බන්ධ සැකකරුවන් 2ක් අත්අඩංගුවට