දේපල සොරකමකට සම්බන්ධ සැකකරුවන් 2ක් අත්අඩංගුවට

කළුතර උතුර පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ විමර්ශනයක් අතරතුර දී රන් මාල කොල්ලකෑම් කිහිපයක් සහ යතුරු පැදි සොරකමකට සම්බන්ධ සැකකරුවෙකු සහ මෙම අපරාධවලට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබී සොරකම් කරන ලද යතුරු පැදියක් සහ රන් මාල කොල්ලකෑම් සඳහා භාවිතා කළ යතුරු පැදියක් පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25 හා 31 යන වයස්වල පසුවන අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Previous articleතීරු බදු රහිතව මෙරටට ගෙන්වූ ජීප් රථ 02ක් පොලිස් භාරයට
Next articleපාලනයෙන් ගිලිහුණු යතුරු පැදිය ජීවිතයක් අහිමි කරයි