සන්දිවේලි පොලිස් වසමේ කිරාන් වටරවුමේ දී මගීන් 20 දෙනෙකු සමඟ ධාවනය වෙමින් තිබූ ටේලරය සහිත ට්‍රැක්ටර් රථයක ටේලරය ගැලවී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ එක් කාන්තාවක් වාලච්චේන රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර ඇය වයස අවුරුදු 42ක් වූ සිත්තන්ඩි 02 ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.
මේ අතර අනතුරින් බරපතල තුවාල ලැබූ පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු හා එක් කාන්තාවක් වාලච්චේන රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට මාරුකර යවා ඇති අතර, සුළු තුවාල ලැබූ පුද්ගලයින් 12 දෙනෙකු වාලච්චේන රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුර සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සන්දිවේලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.