අඟලවත්ත පොලිස් වසමේ මුදුන, මහගම ප්‍රදේශයේ දී පහරකෑමකට ලක්වූ පුද්ගලයෙකු නාගොඩ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු ඊයේ (01) මිය ගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 49 ක් වන මුදුන, මහගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පසුගිය 31 වන දින රාත්‍රී කාලයේ දී මරණකරු හා අසල්වැසි නිවසක පුද්ගලයෙකු අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් එම පුද්ගලයා විසින් පොල්ලකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.
පහර දිමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
සිද්ධිය සබන්ධයෙන් අඟලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබනවා.