පොලිස් අණ නොතකා පලා ගිය යතුරු පැදියකට වෙඩි

මුල්ලේරියාව පොලිස් වසමේ මෙගොඩ කැළණිය පාලම ආසන්නයේ පොලිස් මාර්ග බාධකයක දී අංගොඩ දෙස සිට කැළණිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පරීක්ෂා කිරීම සඳහා නැවැත්වීමට පොලිසිය සංඥා කර තිබෙනවා.

ඒ අවස්ථාවේ දී එම යතුරුපැදියේ වේගය අඩාල කර නැවත එකවර නොනවත්වා ධාවන කර ඇති අතර පසු පැදිකරු විසින් ඔහුගේ ඉනේ සඟවා ගෙන සිටි පිස්තෝල අවියක් අතටගෙන පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට වෙඩි තැබීමට සුදානම් වූ බවයි පොලිසිය සඳහන් කළේ.

එම අවස්ථාවේ දී මාර්ග බාධකයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙකු විසින් යතුරුපැදිය දෙසට වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

යතුරුපැදිය නොනවත්වා කැළණිය දෙසට පලා ගොස් ඇති අතර යතුරුපැදියේ ගමන්ගත් සැකකරුවන්ට වෙඩි වැදීමක් සිදුව ඇත්ද යන්න මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.

Previous articleඅඟලවත්තේ ඝාතනයක්
Next articleවාරියපොළ රිය අනතුරකින් එක් අයෙක් මරුට