වාරියපොළ රිය අනතුරකින් එක් අයෙක් මරුට

Share

කුරුණෑගල පුත්තලම මාර්ගයේ වාරියපොළ නගරයේ දී කුරුණෑගල දෙස සිට පුත්තලම දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරු පැදිකරු හා පසුපැදිකරු බරපතල තුවාල ලබා වාරියපොළ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 45 ක් වූ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News