රිය අනතුරකින් මව සහ පුතු මරුට

Share

මිනුවන්ගොඩ ජාඇල මාර්ගයේ අඹගහවත්ත ප්‍රදේශයේ දී මිනුවන්ගොඩ දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඉදිරියෙන් ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන කන්ටේනර් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදි ඉදිරියෙන් වෑන් රථයක් පැමිණීම හේතුවෙන් පැදිකරුට යතුරුපැදිය පාලනය කරගත නොහැකිව කන්ටේනර් රථයේ ගැටී ඊයේ (01) අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පැදිකාරිය හා පසුපැදිකරු බරපතල තුවාල ලබා මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔවුන් දෙදෙනාම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක් වූ මැඩෑමුල්ල, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර පසුපැදිකරු වයස අවුරුදු 15ක් වන ඇයගේ පුතා බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News