වෙළඳ ආයතනයක් බිඳ දේපල සොරකම් කිරීමකට අදාල සැකකරුවෙකු ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 500ක් සන්තකයේ තබා ගැනීම, වෙළඳ ආයතනයක් බිඳ දේපල සොරකම් කිරීම හා සොර බඩු ළඟ තබාගැනීම යන චෝදනාවන් සම්බන්ධයෙනුයි.
එම සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත සොර බඩු බැහැර කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ වැඩිදුර විමර්ශනයේ දී මොවුන් අතුරුගිරිය, තලංගම හා පිළියන්දල පොලිස් වසම්වල වෙළෙඳ ආයතන 03ක් බිඳ රුපියල් ලක්ෂ 32 කට අධික වටිනා දේපල සොරකම් කිරීමේ අපරාධවල සැකකරුවන් බවත් බම්බලපිටිය හා කළුතර මහේස්ත්‍රාත් අධිකරණවලින් වරෙන්තු නිකුත් වී ඇති බවත් අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 40 හා 42 යන වයස්වල පසුවන රාජගිරිය හා හෝකන්දර දකුණ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් සොරකම් කරන ලද දේපලවලින් පහත සඳහන් දෑ පොලිසිය සොයාගත් බවයි සඳහන් වන්නේ.
ලැප්ටොප් පරිඝණක යන්ත්‍ර 07
ජංගම දුරකතන 17
ටැබ් යන්ත්‍ර 05
සවුන්ඩ් බාර් 04
ත්‍රිමර් යන්ත්‍ර 01
සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.