06 වනදායින් පසු වැසි අඩුවෙයි – කාළගුණයෙන් කියයි(VIDEO)

Share

දිවයිනට බලපා ඇති වැසි සහිත කාළගුණික තත්ත්වය එළඹෙන 06 වනදායින් පසු පහව යනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වැසි තත්ත්වය හමුවේ නිල්වලා, කළු, ගිං යන ගංගාවල ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.

එහෙත් සැලකිය යුතු ගංවතුර මට්ටමක් මෙතෙක් වාර්තා වී නැති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් එම ගංගාවල දිය නෑම, පිහිනීම සහ ජල ක්‍රීඩාවලින් වළකින ලෙසද එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News