යතුරු පැදි සොරකමකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

චාවකච්චේරිය පොලිස් වසමේ දී යතුරු පැදියක් සමඟ සැකකටයුතු පුද්ගලයෙකු ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවල දී එම යතුරු පැදිය කිලිනොච්චිය පොලිස් වසමේ දී සොරකම් කරන ලද යතුරු පැදියක් බවටයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක් වූ එළුදුමට්ටුවාන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

Previous articleරටට ඩොලර් බිලියන 3 හමාරක වාර්ෂික ආදායමක් ලබා දිය හැකියි – කුකුළු කර්මාන්තකරුවන්(VIDEO)
Next articleටිටිකාකා විලත් සිඳී යයි