ටිටිකාකා විලත් සිඳී යයි

Share

දකුණු අමෙරිකාවේ විශාලතම විල වන ටිටිකාකා විල සිඳී යාමේ තර්ජනයට ලක්ව තිබෙනවා.

යාත්‍රාවන් දියත් කල හැකි ලොව උසින් වැඩිම විල ලෙස ද මෙය හඳුන්වනවා.

ටිටිකාකා විලෙහි ජල මට්ටම මේ දිනවල පෙර නොවූ විරූ ලෙස සීඝ්‍රයෙන් පහළ වැටී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේත් ධීවර සහ කෘෂිකර්මාන්තයේත් නියැලෙන්නන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා.

Read more

Local News