යුක්‍රේනයට නව ආරක්ෂක අමාත්‍යවරයෙක්(VIDEO)

Share

යුක්‍රේන ආරක්‍ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ඔලෙක්සි රෙස්නිකොව් මෙම සතිය තුළ සිය ධූරයෙන් ඉවත් කරන බවට මීට පෙර වාර්තා වුණා.

ඔහු වෙනුවට යුක්‍රේන රාජ්‍ය දේපල අරමුදලේ ප්‍රධානියා සහ දේශපාලඥයෙකු වන Rustem Umierov පත් කරන බවයි වාර්තා වන්නේ.

මේ අතර ප්‍රංශය යුක්‍රේන ගුවන් නියමුවන් පුහුණු කිරීමේ ගිවිසුමකට එකඟ වී තිබෙනවා.

ඒ ප්‍රංශ ජනපති හා යුක්‍රේන ජනපති අතර සිදු වූ සාකච්ඡාවකදීයී.

මේ අතර දකුණු ඔඩේසා ප්‍රදේශයේ වරාය යටිතල පහසුකම්වලට රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

රුසියාව පවසන්නේ යුධ උපකරණ සඳහා භාවිතා කරන ගබඩාවකට එම ප්‍රහාරය එල්ල වූ බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News