පෑලියගොඩ පොලිස් වසමේ කැලණි පාලම අසල දී වැටලිමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 100ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 55ක් වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.