රාගම පොලිස් වසමේ ගල්වල හන්දිය ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේ දී පසුගිය දින රාගම පොලිස් වසමේ දී ත්‍රිරෝද රථයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරු බවට අනාවරණය වී ඇති අතර, සැකකරු සන්තකයේ තිබී සොරකම් කරන ලද ත්‍රි රෝද රථය සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් වූ රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.