නිකවැරටිය පොලිස් වසමේ උස්මියාගාර වෙල්යායේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් ඊයේ (05) හමුවී තිබෙනවා.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැති අතර ඔහු වයස අවුරුදු 40 ත් 45 ක් වූ උස අඩි 05ක් පමණ වන සිහින් සිරුරක් හිමි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.