අවාසනාවන්ත අනතුරක් – පාසල් සිසුවෙක් මරුට

Share

පැල්මඩුල්ල නෝනාගම ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 09 කණුව ආසන්නයේ දී කහවත්ත දෙස සිට මාදම්පේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ ලිස්සා ගොස් පෙරළී පසුපැදිකරු විසිවී ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයකට යටවීමෙන් ඊයේ (05) අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා කහවත්ත රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පසුපැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් මියගියේ වයස අවුරුදු 16ක් වූ යක්ගහඇල්ල, කහවත්ත ප්‍රදේශයේ පදිංචි පාසල් ශිෂ්‍යයෙක්.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කහවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News