රුසියාවේ ඇගළුම් කර්මාන්තශාලාවල හා සත්ව ගොවිපලවල සේවය සඳහා ගොස් සිටින ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට සිය සේවා ස්ථානවල ගැටළු රැසක් පවතින බවට කාර්යාංශය වෙත පැමිණිලි ලැබී තිබෙන අතර, ඔවුන්ගේ ගැටළු පිළිබදව සොයා බැලීම හා නව රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට උදාකර ගැනීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේ උපදෙස් පරිදි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් පිරිසක් මේ දිනවල රුසියාවේ සංචාරයක නිරතව සිටිනවා.
රුසියාවේ සේවය සඳහා ගොස් සිටින ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට තමන්ට හිමි වැටුපෙන් කොටසක් බදු වශයෙන් අයකිරීම හා විධිමත් අයුරින් මුදල් දිවයිනට ප්‍රේෂණය කිරීමට නොහැකිවීම ඇතුළු නොයෙකුත් ගැටලු උද්ගත වී තිබෙනවා.
මේ පිළිබඳව අමාත්‍ය මනුෂ නානායක්කාරට කරුණු අනාවරණය වීමෙන් පසු ස්වයං මාර්ගයෙන් රුසියාවේ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකිරිම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගනු ලැබුවා.
වැඩිදුරටත් අදාල ගැටළු පිළිබඳව කරුණු සොයාබැලීමට හා ශ්‍රමිකයින් බඳවා ගැනීම සිදුකරන ආයතනවල කළමනාකරුවන් හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව අදාළ ගැටළු සඳහා විසදුම් ලබාදීම මෙම නියෝජිත පිරිසගේ සංචාරයේ අරමුණ වී තිබෙනවා.