ගමන් කරමින් තිබූ යතුරු පැදියකට ගසක අත්තක් කඩා වැටෙයි

Share

නුවරඑළිය නගරයේ දී අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ (06) මාර්ගයේ ධාවනය වූ යතුරු පැදියක් මතට ගසක අත්තක් කඩා වැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරු පැදිකරු සහ පසු පැදිකරු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

තුවාලකරුවන් අවුරුදු 25 හා 35 වයස්වල පසුවන මහනුවර සහ බදුල්ල ප්‍රදේශවල පදිංචි නුවරඑළිය රෝහලේ හෙද නිලධාරීන් දෙදෙනෙකි.

කඩා වැටී තුබූ අත්ත මාර්ගයෙන් ඉවත් කර ඇති අතර, මාර්ග අවහිරතාවයක් නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

Read more

Local News