2022/23 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට අයදුම්පත් යොමු කිරීම එළඹෙන සැප්තැම්බර් 14 සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පවසනවා.
විශ්වවිද්‍යාල ප්‍රවේෂය සඳහා අයදුම්කිරීම සම්බන්ධයෙන් ඊයේ (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සභාපතිවරයා මේ බව පවසා සිටියා.
විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් යොමු කිරීම සඳහා සති තුනක කාලයක් ලබා දෙන බවද සභාපතිවරයා සඳහන් කළා.
නව පාඨමාලා කිහිපයක් හඳුන්වා දීමට සහ සිසුන් වැඩි ප්‍රමාණයක් විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට මෙවර කටයුතු කර ඇතැයි ද කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසා සිටියා.