පුද්ගලයින් දෙදෙනෙකුට කැපුම් තුවාල සිදුකළ අයෙක් අත්අඩංගුවට

Share

ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර අයිස් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 300ක් සමග සැකකරුවෙකු ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී පුද්ගලයින් දෙදෙනෙකු පිහියකින් කපා තුවාල සිදුකිරීමක් සම්බන්ධ අපරාධයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බවයි හඳුනාගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24ක් වූ බඩෝවිට, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Read more

Local News