හෙරොයින් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

මීගමුව පොලිස් වසමේ වයි හන්දිය හා ජයරත්න පාර ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමක් අතරතුර හෙරොයින් ග්‍රෑම් 07 යි මිලිග්‍රෑම් 100ක්, හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 50ක් හා හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 110ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 27,31 හා 53 යන වයස්වල පසුවන කොටදෙනියාව, දිවුලපිටිය හා මීගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Previous articleනීති විරෝධී මත්පැන් ලීටර් 11ක් සමග සැකකරුවන් 2ක් අත්අඩංගුවට
Next articleදයාසිරි ජයසේකර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීම හෙළා දකිනවා – නිදහස ජනතා සභාව