රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙක් මරුට

වව්නියාව යාපනය ප්‍රධාන මාර්ගයේ 194 වන කිලෝමිටර් කණුව අසල දී යාපනය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ කැබ් රථයක් ටිපර් රථයක් ඉස්සර කිරීමට යාමේ දී විරුද්ධ මංතීරුවේ ධාවනය වු යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ යතුරු පැදිකරු වව්නියාව රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 55 ක් වන මැදමහනුවර ප්‍රදේශයේ පදිංචි පුලියන්කුලම පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

Previous articleසොරකමකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
Next articleබංග්ලාදේශයට ලකුණු 258ක ඉලක්කයක්