බහින් බස් වීමක් දුරදිග යයි – එක් අයෙක් මරුට

ඊයේ (10) බිබිල පොලිස් වසමේ වෑගම ප්‍රදේශයේ පාළු ඉඩමක් තුළ පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට බිබිල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 34ක් වූ ඌරණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සමඟ පැවති මුදල් ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින් බස් වීමක් අතරතුර දී අනෙක් පුද්ගලයා විසින් යකඩ පොල්ලකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු වන වයස අවුරුදු 35 ක් වූ වෑගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Previous articleසැකකරුවකු හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි
Next articleමඩකලපුව මුහුදේ භූකම්පනයක්(VIDEO)