නාඋල පොලිස් වසමේ නාඋල ඇලහැර නව මොරගහකන්ද මාර්ගයේ අක්කර 50 ප්‍රදේශයේ දී ඇලහැර දෙස සිට නාඋල දෙසට ධාවනය වූ යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරු පැදියක ගැටී ඊයේ (10) අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ යතුරු පැදිකරුවන් දෙදෙනා හා පසුපැදිකරුවන් දෙදෙනා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව එක් යතුරු පැදියක පැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 27ක් වන දඹගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ අතර කෝපායි පොලිස් වසමේ කයිතඩි මනිපායි ප්‍රධාන මාර්ගයේ කෝපායි ක්රිෂ්ණ කෝවිල අසල මංසන්ධියේ දී අච්චුවේලි දෙස සිට කල්වියන්කාඩු දෙසට ඇති අතුරු මාර්ගයක ධාවනය වූ යතුරු පැදියක් ප්‍රධාන මාර්ගයට එකවර පිවිසීමේ දී මානිපායි දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක ගැටී ඊයේ (10) අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ යතුරු පැදිකරු යාපනය රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 49ක් වන කෝපායි මධ්‍යම, කෝපායි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
මේ අතර ඉංගිරිය පොලිස් වසමේ මහ ඉංගිරිය ප්‍රදේශයේ දී පාදුක්ක දෙස සිට ඉංගිරිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ වම් පස තිබු සංඥා කණුවක හා කොන්ක්‍රීට් කණුවක ගැටී ඊයේ (10) අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ යතුරු පැදිකරු හා පසුපැදිකරු ඉංගිරිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව පසුපැදිකරු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 22ක් වන නම්බපාන, ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.