ආයතනවලින් භාණ්ඩ ඇණවුම් කරමින් වංචා කළ අයෙක් අත්අඩංගුවට

වැලිපැන්න පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ රුපියල් ලක්ෂ 12 කට අධික වටිනාකමින් යුත් ගෘහ විදුලි උපකරණ වංචනික ලෙස ලබාගැනීම හා දොඩංගොඩ පොලිස් ස්ථානයට වාර්තාවි තිබූ රුපියල් ලක්ෂ 06 කට අධික වටිනාකමින් යුත් ගෑස් ලිප් තො‍ගයක් වංචනික ලෙස රැගෙන යාමේ සිද්ධි දෙකක් සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයය විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33 ක් වන වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

වැඩිදුර විමර්ශනයේදී මෙසේ වංචා කරන ලද ගෑස් උඳුන් 143 ක් හා රයිස් කුකර් 48 ක් පොලිසියි විසින් සොයාගෙන තිබෙනවා.

Previous articleතැන තැන සිදුවන මාරක අනතුරු
Next articleමොරොක්කෝවේ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 2100 ඉක්මවයි