මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා තියුණු ආයුධයකින් තුවාල සිදුකිරීම සම්බන්ධ අපරාධයට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හා මනුෂ්‍ය ඝාතනයට අනුබල දුන් සැකකරුගේ බිරිඳ, හුංගම පොලිස් වසමේ වාඩිගල ප්‍රදේශයේ දී ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක අයෙක් වන අතර, සැකකාරිය වයස අවුරුදු 23ක් වූ වාඩිගල, රන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
සැකකරුගෙන් සිදුකල වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී හම්බන්තොට හා හුංගම පොලිස් වසම්වල ගවයින් සොරකම් කිරීමේ සිද්ධි 03ක් සඳහා සම්බන්ධ බවට අනාවරණය වී ඇති අතර, සැකකරුට හම්බන්තොට හා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණ මගින් වරෙන්තු 06ක් ද නිකුත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබනවා.