පෞද්ගලික ආරවුලක් දුරදිග යයි – දුම්රිය සේවකයෙක් මරුට

ගල්කිස්ස පොලිස් වසමේ දුම්රිය නිවාස, රත්මලාන ලිපිනයේ පිහිටි නිවසක් තුළ දී තියුණු ආයුධයකින් පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමේ දී ඊයේ (12) මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 41ක් වූ බියගහ, මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර දුම්රිය දෙපාර්තමේන්තු සේවකයකු ලෙස ඉහත ලිපිනයේ තාවකාලිකව පදිංචිව සිට ඇති බවයි වාර්තා වන්නේ.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු විසින් මියගිය පුද්ගලයාට පිහියකින් ඇණ තුවාල සිදුකර ඇති අතර අවට පිරිස් විසින් තුවාලකරු කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Previous articleපොලිස් නිලධාරිනියක් ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කල සැකකාරියක් අත්අඩංගුවට
Next articleහෙද සේවයට දහසක් බඳවා ගැනේ