ව්‍යාජ නමකින් පෙනී සිටිමින් රුපියල් ලක්ෂ 05 ක මුදල් වංචා කිරීමක් සම්බන්ධව මොරටුව පොලිස් ස්ථානය වෙත ලැබී තිබු පැමිණිල්ලක් සම්බන්ධව මොරටුව පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
ඒ අනුව අපරාධයට සම්බන්ධ සැකකාරියක් පසුගියදා බොරැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය වයස අවුරුදු 24ක් වන සරණපාල හිමි මාවත, බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.
සැකකාරිය ගල්කිස්ස ප්‍රදේශයේ පුද්ගලික රක්ෂණ ආයතනයක සේවය කරමින් සිටින අතරතුර මෙම අපරාධය සිදුකර ඇති බවත් තමන් උසස් පොලිස් නිලධාරිනියක් බවට පවසමින් පැමිණිලිකරුගෙන් අවස්ථා දෙකක දී රුපියල් ලක්ෂ 05 ක මුදලක් වංචනිකව ඇයගේ බැංකු ගිණුම වෙත බැර කරගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා.
තවද සැකකාරිය විසින් ව්‍යාජ හැදුනුම්පතක් හා පොලිස් මුලස්ථානයේ ලිපි ශීර්ෂයක් ව්‍යාජ ලෙස නිර්මාණය කර එහි ඡායාරූප පැමිණිලිකරු හට වට්ස් ඇප් තාක්ෂණය මඟින් යොමුකර මෙම වංචාව සිදුකර ඇති අතර ඒ සඳහා භාවිතා කරන ලද ජංගම දුරකථනයක් හා ව්‍යාජ ලේඛනයන් පොලිසිය විසින් සොයා ගත් බවයි වර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.