ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදෙස් ගතව සිටින කාලය තුළ ඔහුගේ යටතේ තිබූ අමාත්‍යාංශ 4ක රාජකාරි සිදුකිරීම සඳහා වැඩබලන අමාත්‍යවරු සිව්දෙනෙක් පත්කර තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් වැඩබලන තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් වැඩබලන කාන්තා, ළමා සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යවරයා ලෙසත් පත්කර ඇති බවයි වාර්තා වන්නේ.